බොදු උදාන ගීතය









බොදු උදාන ගීතය

නීල, පීත, ලෝහිත, ඕදාත,
මාංජෙෂ්ඨ, ප්‍රභාෂ්වර
        රශ්මි ප්‍රභාවිත ඥන සුපූජිත
        සම්බුද්ධ තථාගත
        පාදපද්ම කරනෙමු පිණිපා

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග
චතුරාර්ය සත්‍යය
        සුභාෂිත නීත පමෝදිත
        බුද්ධ ප්‍රභාෂිත
        ධම්ම නමෝ නමෝ සඳපා

සච්ච, උජූච, සූජූච, සුවච, අනතිමානී
සංඝ ගණා
        අතිපූජිත පූජිත
        ගුණ නැණ පොාබයයි
        සුවෙනි නිරාමිස, සම මෙත් බව පා

පඨවි, ආපෝ, තේජෝ, වායෝ
චතුර් භූත රූප මානව සන්තාන
        විකසිත - මුකුලිත, පැණසර නැණමද
        උස්මිටි නෙක මිමි
        උපයයි උපයයි එකිනෙක පර පා

ඩබ්ලිව්. ආර්. සුදසිංහ
මාධ්‍ය කේන්ද්‍රය
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය

2 Comments

Previous Post Next Post