වසන්තයට ටීකාවක්...

http://walterravi.blogspot.com/2018/03/new-year-greeting.html




වසන්තයට ටීකාවක්...

වැස්සක් ඇවිත් අඬා දොඬා කඩා බි දමා
වත්ත පිටිය ගහ වැල්
සුන්නත් දූලිකොට හරක බාන
අනේ අපේ පින් පව් තර මාන කෙළේ

කියා කට ගන්නටත් කලින්
නැන්ද මාම අප්ප කුඩප්ප
නෑන බෑණ මේ ඔක්කොම
අපේ ගෙවල් රැක පියවා දුන්නු කලේ

මොන ඇන බැන ගැසීම් තිබුණත්
ඒව මේව කියවා නොකියවා
ආත බූත උලුප්පවා හැර
වැන්දයි පිට නො පිට බලවා බුලත් කොළේ

වැට දෙවැට ඕවිට කලවිට
නියර කඩාඬුව ඇළ දොළ කෙත කමත
මෙ ඈ දහසකුත් එකක් දේ
ගැහුවා ඉද්ද පමණයි අවුරුද්දෙ බලේ

පබැඳු                    ඩබ්ලිව්. ආර්. සුදසිංහ
ආචාර්ය - කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය

Post a Comment

Previous Post Next Post