දිවා රාත්‍රී මායිම
The Edge of the Night
සෙනසුරුගේ සෙවණැල්ල එහි වළලු පද්ධතිය ඔස්සේ වැටී ඇති
අවස්ථාවක 2006 වසරේ නොවැම්බර් 5 දින නාසා ආයතනයේ කැසිනි යානය මගින් ලබාගත්
ඡායාරූපයක් ඉහතින් දැක්වේ. සෙනසුරුගේ වළලු පද්ධතිය නිර්මාණය වී ඇති අංශුවලට
දිවා ආලෝකය පතිත වී ඇති ආකාරය ඡායාරූපයේ පහත කොටසෙහිත්, වළලු පද්ධතිය සෙනසුරුගේ
සෙවණැල්ල තුළින් ගමන් කරන ආකාරය ඡායාරූපයේ ඉහත කොටසේත් දැක්වේ. වළලුවල දීප්තියෙන් මද වශයෙන් ආලෝකවත් වී
ඇති සෙනසුරුගේ රාත්‍රී ප්‍රදේශය අදුරු වළලු අතරින් පෙනෙන ආකාරය ඡායාරූපයේ
දකුණුපස දැක්වේ.
මෙම ඡායාරූපය සෙනසුරුගේ සිට කිලෝමීටර මිලියන 1.5 (සැතපුම් 932,000) ක පමණ දුරක සිට
කැසිනි යානයේ පුළුල් පරාස කැමරාවෙන් ලබාගත් වර්ණ ඡායාරූප හතරක් ආශ්‍රයෙන් සකසන
ලද්දකි.
2017 සැප්තැම්බර් 15 දින අවසන් කළ කැසිනි මෙහෙයුම
නාසා ආයතනය, ඊසා ආයතනය (යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය) සහ ඉතාලි අභ්‍යවකාශ ඒජන්සිය
එක් ව දියත් කළ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
මෙම මෙහෙයුම නාසාහි විද්‍යාත්මක මෙහෙයුම්
පාලනාධිකාරය (Science Mission Directorate) වෙනුවෙන් කැලිෆෝනියා
තාක්ෂණ ආයකනයේ (California Institute of Technology) ශාඛාවක් වන
ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරය (The Jet Propulsion Laboratory) විසින් මෙහෙයවන ලදි.
කැසිනියානයේ කක්ෂ යානය හා කැමරා සැලසුම්කර සංවර්ධනයකර
එකලස්කරන ලද්දේ ද ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ දී ය. ඡායාරූප සැකසුම් මධ්‍යස්ථානය කොලරාඩෝහි
බෝල්ඩර් ප්‍රදේශයේ අභ්‍යවකාශ විද්‍යා ආයතනය (Space Science
Institute) ආශ්‍රිත ව ක්‍රියාත්මක
විය.
තොරතුරු - NASA
For more information about the Cassini-Huygens mission:
Credit: NASA/JPL-Caltech/Space Science Institute
