අවුරුදු සිරි අසිරි මැකී
වෙසඟ සිරින් රට බැබළෙයි
කරන්දෙණියෙ අප අතරින්
විරිඳු සුරල් නෙක ඉපැයෙයි
දඹදිව් තලයෙන් විහිදෙයි
මෙත් මුදිතා ගුණ අපමණ
ලක්දිව් ජන මන පොබවයි
නොපෙනෙයි මෙපමණ කොපමණ
පුලින තලා රජස් පලස්
සඳකිරණින් මුළු දෝවන
වැඩි පැහැදිලි නෙක සුරුවම්
ඉසව් සොයන යුග ලෝචන
හිනැහෙන නෙතු අගිසි අගට
කඳුළැලි උපයන්න දනී
පරපීඩක පරකාමෙන්
පරපෝෂිත ගමන මනී
පස් කඳ පණ පොවන හොවන
පින්තාරුව මන මෝහන
නිමිති ගණින රස වෑහෙන
පිරියම් සුර සිරි මානන
තොලේ දතේ නොම පැටලෙන
උනන වදන් හැඩකාරම්
මමංකාරෙ ඉහට උඩින්
මමායනය පුරසාරම්
ඩබ්ලිව්. ආර්. සුදසිංහ
මාධ්‍ය කේන්ද්‍රය
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය
